Showing posts with label ma'himi-enathuru. Show all posts
Showing posts with label ma'himi-enathuru. Show all posts

Wednesday, October 8, 2008

ම'හිමි එනතුරු ...


වැට අද්දරින් ගොම්මන ඉඟි කෙරුවාට
පෑල දොරින් ලැසියා පැන බිරුවාට
සඳ කොමලිගේ සඳ ඉඟි බිඟි පෑවාට
නුඹ නෑ තවත් නෙත රෑ නිදි මැරුවාට

උදැහින් යතේ දරු දෙදෙනා නිදි අතරේ
නගිටලා අප්පා සෙව්වයි නුඹ නැති අතරේ
හැන්දෑකරේ නුඹ එනකන් වැට පතුරේ
ඒ ගිමනටම උන් වැතිරෙයි නිදි පැදුරේ

කිරි පිටි රස කෑම පොඩි එවුනට දෙන්න
කටු මැටි බිත්ති ගොම ගෙබිමට සමු දෙන්න
නුඹෙ ආසාව නොම වෙති අනෙකෙකු දන්න
අනෙ මගෙ රන් හිමිව දෙවියනි රැක දෙන්න


-dhpooh