Showing posts with label kivindiyak. Show all posts
Showing posts with label kivindiyak. Show all posts

Friday, October 10, 2008

අනාදර ඔය හදට පෙම් බඳින මෝඩි මම...

ඔබ කවියක්‌ පද වැල නොගැලපෙන
නැතත් තනුවක්‌ ඔබට කම් නැත
නිමැවුමට තනුවක්‌ වෙහෙසෙන
මම කිවිඳියක්‌...
ඔබ කිසිත් නොතකන!

හදේ ලසෝ ගිනි ඇවිලෙන යාමෙට
හිතාදර වදනක්‌ කියන්නා-
'මුත් දනිමි එහි මිසක්‌ ස්‌නේහය
නොමැති බැවි ආලයක්‌ කිසි විට...

ලයාදර මගෙ සිතැඟි ඇයිද නොතකන්නෙ නුඹ
හිතාදර වදන් මිස නැද්ද තෙත් බවෙක්‌ වෙන
වියෝ දුර පරතරය වැඩි වෙද්දි තව තවත්...
අනාදර ඔය හදට පෙම් බඳින මෝඩි මම....