Showing posts with label rain. Show all posts
Showing posts with label rain. Show all posts

Tuesday, October 7, 2008

ගොවි දුක

හෝ ගාන සද්දෙට
වින කරන් පිපිරුණු හෙණ හඞ
මිමිණුවේ නෑ නුඹ්
යට කරන බැව්
මගේ පැටවුන්...
අලුත පීදුනු
කිරි වී පැළ
යහන්තලා වී
...දුටු විට,
උදා පහු දින...
මතක්‌ වී කිරට
හඞනා මගේ
දරු පැටි
උණු කදුලු හිර කරන්
පපුවේ...
දොස්‌ කියා පලක්‌ නැති විට
නුඹට...
අසනි වැසි
නැති කලෙකුත්‌ කුමට!!!