Sunday, May 10, 2009

........................

...................
...............
..........
.....
..
.
මට මොකෝ...
....
ඔයිට වැඩිය හිතන්න
මට
ඕනෙ තරම් දේවල්
තියෙනවා...!!!

Sunday, March 22, 2009

....!!!!.....

එකම එක ගැඹුරු
හුස්‌මක්‌ අරන්
අනේ
පුලුවනිනම්...
කරනු අමතක
රිදුනු බොඳවුනු
මුළු
අතීතයම...!!!

Sunday, November 23, 2008

ඔළුව

රිදෙන්නම
ඕනි
දැනෙන්න
තියෙනවැයි
කියලා...!
හිතෙනවා එවෙලෙට
තියන්න
පැත්තකින් ගලවලා...!

බොල්

ජීවිතය...
කොතරම්
අවිවේකී ද..
කලබලකාරී ද...

බොල්
ද....

Monday, October 27, 2008

නුඹටත් මටත්... බැරි හින්දා.....

අන්තිම පාරට ඇවිදිනුත්
ඇයි මෙ කඳුළු...
ඉතින් අහගන්න...
මටත් තියෙනවා දෙයක්‌ කියන්න...

නුඹ හරිම නරකයි නෙව...
දුන්නායි කියපු ආදරේ මට
මෙහෙමත් උදුරාන යන්න
කොහොම පුලුවන් උනාද මන්දා...
නුඹ එහෙම කළත්..
මම නුඹට දුන්නු ආදරේ නම්
කවදාවත්ම ආපහු ගන්නෙ නෑ මම...
වෙන කාටවත් ඒ ආදරේ
පිටපතක්‌ වත් දෙන්නෙත් නෑ මම...
නුඹෙ ආදරේ මතකය
මෙ ලෝකෙ කොතැන හිටියත්
අමතක වෙන්නෙත් නෑ මට
කවදාවත්ම...

ඔය හිතේ ආදර මල් කැකුළු
ඉස්‌සෙල්ලාම දැකපු දා
දැනන් හිටියත් මගෙ උරුමය
බයෙන් නමුත් ළං උනේ
බැහැයි කියන්න බැරි තරමට
මම හරිම අසරන වෙච්ච නිසා...
කොහේවත් නොතිබුනු ජීවයක්‌
නුඹ මට ගෙනත් දුන්නු නිසා...
මමත් ඔය සුන්දර හදවතට
ආදරේ කරන්න පටන් ගනිපු නිසා....

මගෙ කැමත්තට ආසාවන්ට ආදරයට
වඩා ලොකු වෙච්ච උන්ගෙ සල්ලි...

සමාවෙන්න පුලුවන් නම්...
එදාටත් වඩා වැඩියෙන් මම
අද අසරණ නිසා...
ගතින් කාට අයිති කරවලා දුන්නත්...
හිතින් හැමදාටම අයිති
නුඹට විතරක්‌ම නිසා...


-dhpooh

October 25, 2008 6:25 PM


(අන්ජන ජයවීර ගේ, යථාර්ථය අකුරු කරන්නට.. පිටුවෙහි බැරි හින්දා කාව්‍යයට පිලිතුරක්‌ වශයෙන් 25.10.2008 වෙනිදා ලීවෙමි...හොඳත් නරකත් ගැන ලියන්නට යමක්‌ ඇත්නම්, වෙලාවක්‌ ඇත්නම් ඔබට... feel free ලු... හොඳේ... )






Sunday, October 26, 2008

අම්මේ....

මං පුංචි කැකුළි කාලෙ
පීදෙනා'යුරු දිහා
බොහොම ආඩම්බරෙන්
බලන් හිටියා නේද අම්මේ....

මං තරුණ වයසෙදි
විකසිතව හිනැහුත් ලොවට..
වැහරී යන ගතින්
දිරාපත් වෙනා'යුරු...
බලන්නට දුකයි අම්මේ....

-dhpooh (26.10.2008)

(හරේශ් කියන අය්යාගෙ "ජීවත් වෙනකොට-while living" blog පිටුවේ, "කවි දෙකක්‌ එක්‌ක පින්තුරයක්‌ නොමිලේ" යන සටහනට පිලිතුරක්‌ වශයෙන් ලීවෙමි... )


Saturday, October 25, 2008

Memories of You....


Like Listening to the wind...
Not because it reminds how
Calm it was,
when you were around...
Just because it carries
My sighs
away...
Yeah.. It does...

Like seeing the aurora...
Not because it reminds me how
Nice the days I spent with you...
Just because its capable of
hiding The yesterday...

Like when the rain drops
drench me down entirely...
Not because it reminds
The days
We played around in the rain...
Just because it washes my
tears away...

Like this feeling of emptiness
Reminds me, - I have to be my own...
Even though its hard to bare sometimes...
Its the truth... - "For you-only you"

Oh why did you come even just for a while
To leave me miserable in this emptiness...
World is impermanent, it cries out loud.... -I know...
But still I miss you...,
I miss you heaps..!!!

-dhpooh...