Friday, October 10, 2008

අනාදර ඔය හදට පෙම් බඳින මෝඩි මම...

ඔබ කවියක්‌ පද වැල නොගැලපෙන
නැතත් තනුවක්‌ ඔබට කම් නැත
නිමැවුමට තනුවක්‌ වෙහෙසෙන
මම කිවිඳියක්‌...
ඔබ කිසිත් නොතකන!

හදේ ලසෝ ගිනි ඇවිලෙන යාමෙට
හිතාදර වදනක්‌ කියන්නා-
'මුත් දනිමි එහි මිසක්‌ ස්‌නේහය
නොමැති බැවි ආලයක්‌ කිසි විට...

ලයාදර මගෙ සිතැඟි ඇයිද නොතකන්නෙ නුඹ
හිතාදර වදන් මිස නැද්ද තෙත් බවෙක්‌ වෙන
වියෝ දුර පරතරය වැඩි වෙද්දි තව තවත්...
අනාදර ඔය හදට පෙම් බඳින මෝඩි මම....

4 comments:

samanalee said...

නොගැලපෙන පද වැලට
තනුව ගලපන්න වෙහෙසෙන
කිවිඳියේ නොදනිත් ද
කවක් විය හකි බව
තනුව නැතිවත්ම?

හිතාදර වදන් මිමිනෙන්නෙ
නුඹේ ලසෝ ගිනි නිවන්න
නුඹට දැනෙන එ ස්නේහය
උපදින්නෙ ආලයෙන් බව නොදනිත් ද?

සිතැඟි නුඹෙ ලයාදර වැඩි කමට
හිතාදර වදන් තුල ආලය නොදැනෙත් ද?
ගව් ගනන් දුර පරතරය මිස
හදින් ඔබ ලඟම බව මෝඩියේ නොදනිත් ද ? :p

Unknown said...

තනුවක් නොමැති කවෙකින් ඇති වැඩෙක් වෙද...
පද වැල හෝ ගැලපුනි නම් කමෙක් නැත...
ආලෙන් ඉපැදුනත් ස්නේහය ඇතැම් විට...
හිත තනිකමට ළඟ නැත්නම් වැඩෙක් නැත...

:P

Bo said...

තනුවක් නොමැති පදවැල් ගැන තනුවක් ඇති කවිපද ලියනා කිවිඳියේ මේ පිටුව හරිම සුන්දරයි. කියවන්න හමුවුනේ බොහෝ කල් ගතවෙලා ඒක ගැන සමාවෙන්න.
කවිය බොහෝ සංවේදියි. තවත් ලියන්න.

Unknown said...

Bo akki, thanx.. :)