Tuesday, October 7, 2008

ගොවි දුක

හෝ ගාන සද්දෙට
වින කරන් පිපිරුණු හෙණ හඞ
මිමිණුවේ නෑ නුඹ්
යට කරන බැව්
මගේ පැටවුන්...
අලුත පීදුනු
කිරි වී පැළ
යහන්තලා වී
...දුටු විට,
උදා පහු දින...
මතක්‌ වී කිරට
හඞනා මගේ
දරු පැටි
උණු කදුලු හිර කරන්
පපුවේ...
දොස්‌ කියා පලක්‌ නැති විට
නුඹට...
අසනි වැසි
නැති කලෙකුත්‌ කුමට!!!

2 comments:

Malinga said...

ගොවිතැනින් දවස සරි කරන හදවත් රාශියක සංවේ දී සිතුම් මෙවන් පාරිසරික සංසිද්ධීන් මත නිරන්තර කැළඹීමට ලක්වෙනව. සිය දුවා දරුවන්ගේ කුසගින්න නිවන්නටවත් තමන්ට යහතින් ගොවිතන කරගෙන යාමට හැකියාව ‍ලබාදෙන‍ ලෙස දෙවි දේවතාවුන්ගෙන් කරන කණ්නලව් නිරන්තර දැකිය හැකියි.
වැසි දේවතාවාගේ බැල්මෙන් ම ජීවිතය සරිකරන්නට රුකුල් ලැබෙන්නා සේ ම ඒ බැල් ම නිසා ම සිය වගාවන් පාලුවී යාමේ කුරිරු වූ අවධානමට ද ඔවුහූ මුහුණ දෙති. ගැඹුරු වූ ජීවන යතාර්තයක් සරල පදවැලකින් අපූරුවට කියල තියනව. අපූරු නිර්මාණයක්.

Unknown said...

thanx Malinga.... its a nice explanation...