Monday, October 27, 2008

නුඹටත් මටත්... බැරි හින්දා.....

අන්තිම පාරට ඇවිදිනුත්
ඇයි මෙ කඳුළු...
ඉතින් අහගන්න...
මටත් තියෙනවා දෙයක්‌ කියන්න...

නුඹ හරිම නරකයි නෙව...
දුන්නායි කියපු ආදරේ මට
මෙහෙමත් උදුරාන යන්න
කොහොම පුලුවන් උනාද මන්දා...
නුඹ එහෙම කළත්..
මම නුඹට දුන්නු ආදරේ නම්
කවදාවත්ම ආපහු ගන්නෙ නෑ මම...
වෙන කාටවත් ඒ ආදරේ
පිටපතක්‌ වත් දෙන්නෙත් නෑ මම...
නුඹෙ ආදරේ මතකය
මෙ ලෝකෙ කොතැන හිටියත්
අමතක වෙන්නෙත් නෑ මට
කවදාවත්ම...

ඔය හිතේ ආදර මල් කැකුළු
ඉස්‌සෙල්ලාම දැකපු දා
දැනන් හිටියත් මගෙ උරුමය
බයෙන් නමුත් ළං උනේ
බැහැයි කියන්න බැරි තරමට
මම හරිම අසරන වෙච්ච නිසා...
කොහේවත් නොතිබුනු ජීවයක්‌
නුඹ මට ගෙනත් දුන්නු නිසා...
මමත් ඔය සුන්දර හදවතට
ආදරේ කරන්න පටන් ගනිපු නිසා....

මගෙ කැමත්තට ආසාවන්ට ආදරයට
වඩා ලොකු වෙච්ච උන්ගෙ සල්ලි...

සමාවෙන්න පුලුවන් නම්...
එදාටත් වඩා වැඩියෙන් මම
අද අසරණ නිසා...
ගතින් කාට අයිති කරවලා දුන්නත්...
හිතින් හැමදාටම අයිති
නුඹට විතරක්‌ම නිසා...


-dhpooh

October 25, 2008 6:25 PM


(අන්ජන ජයවීර ගේ, යථාර්ථය අකුරු කරන්නට.. පිටුවෙහි බැරි හින්දා කාව්‍යයට පිලිතුරක්‌ වශයෙන් 25.10.2008 වෙනිදා ලීවෙමි...හොඳත් නරකත් ගැන ලියන්නට යමක්‌ ඇත්නම්, වෙලාවක්‌ ඇත්නම් ඔබට... feel free ලු... හොඳේ... )






9 comments:

තිලිණ said...

හරිම නිර්මානශීලීයි

malee_msg said...

මෙයා ‍හරිම හොර ගෙඩියෙක් නේ..! කවි ටික ලියලා හො‍රා වගේ බ්ලොග් එකේ විතරක් දාලා!

Unknown said...

thanx thilina :P
malee>> nope මම "යථාර්ථය අකුරු කරන්නට" blog eke "බැරි හින්දා" කවියට reply එක විධියටත් මේක post කළා... :)

AJ said...

attatama oya mata sahenna deval hitanan ithuru kala........ :)

thnx poohhh........

me verification eka ain kaloth moko?

Unknown said...

mmm... i dint get u.. ,mokakda ayin karanna kiwweee??? :)

malee_msg said...

Pooh - sorry sis මම ඔයා‍ව වෙන Pooh කෙනෙක් එකක් පටලවාගෙන හිටියේ... මම හිතුවේ ඔයා මම දන්න pooh 27 කියලයි සෝ සොරි ඒ ගැන...

PS- Anjana කියන්නේ මේ අපි කමෙන්ට් එකක් දාද්දි පාස්වර්ඩ් එකක් වගේ දාන්න තියන එක අයින් කරන්න කියලයි..අපි ස්පෑම් කරන්නේ නැහැනේ සිස් එකයි

Unknown said...

its alrite!
mm.. ehema verif scene ekak thiyenawada! i didnt know.. i will correct it soon. thanx so much kiwwata.. ane sorry if it made u guyz uncomfy.

samanalee said...

sweetu poohගෙ තවත් sweetu කවියක්‌. :)
හ්ම්.. හද පතුලටම දැනෙන නිර්මාණයක්‌ මේක මට නම්..
ලස්‌සනයි..!

මම මේක දැක්‌කෙ අදයි අක්‌කෙ.. කොහෙද ඉතින් ඔයාගෙ මේ නගා ඉන්නෙ මේ ලෝකෙ නෙමෙයි නෙ

Unknown said...

මොනවා කියන්නද.....අතිවිශිෂ්ථයි...